කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය

වොලිබෝල් තරඟාවලිය

නර්තන තරඟාවලිය

උසස් පෙළ විශිෂ්ට සමාර්ථ

WhatsAppImage2024-03-11at124347PM.jpeg
WhatsAppImage2024-03-11at124347PM.jpeg
innerslider.jpeg

විදුහල්පති පණිවිඩය

M.P.R.මුතුගල

කුලී උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස විද්‍යාලීය නිල වෙබ් පිටුවට සටහනක් එක් කිරීමට ලැබීම ඉතාමත් සතුටට කාරණයකි .1903 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම විද්‍යාලය වසර 120 ක දිගු ඉතිහාසයක් සහිත පින් බිමකි ආරම්භයේ පටන් මේ දක්වා විවිධ අභියෝගයන් මැද වුවත් රැක ගෙන පවත්වාගෙන ඒමට මූලික වී කටයුතු කර ඇති ආදී විදුහල්පතිවරුන් හා ගුරු මණ්ඩලයන් හා ප්‍රදේශ වාසි සියලු දෙනාට වත්මන් විදුහල්පතිවරයා ලෙස මම පළමුව කෘතඥ වෙමි .
           
කුලියපිටියේ අධ්‍යාපන කලාපයේ බිංගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි මෙම රේවත විදුබිම 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා පන්ති පැවැත්වෙන 1C වර්ගයේ ශිෂ්‍ය සංඛ්‍යාව 1000 වැඩි පාසලකි.  සෑම වසරකම ප්‍රධාන ජාතික විභාග තුනෙන් ම කලාපයේ ඉහළම ප්‍රතිඵල ළඟා කර ගන්නා අප විද්‍යාලය, කොට්ඨාස  කලාප,පළාත් හා ජාතික මට්ටමේ විෂය  සමගාමී ක්‍රියාකාරකම් අතර ජයග්‍රහණ ලබා ගන්න සුවිශේෂ පාසලකි.විශේෂයෙන් දරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා මෙන් ම බහුවිධ හැකියාවන් සංවර්ධනය කිරීම උදෙසා දිවා රෑ නොබලා කටයුතු කරන වර්තමාන ගුරු මණ්ඩලය හා අධ්‍යයන සහයක කාර්ය මණ්ඩලය ඉහත ජයග්‍රහණ හමුවේ ප්‍රබලම බලවේගය වේ .

 එසේ ම විද්‍යාලයේ ආදිෂ්‍ය සංගමය ප්‍රදේශයේ සුභ පතන්න විශාල වශයෙන් මේ වන විට විද්‍යාලයේ  සංවර්ධනය උදෙසා අපව ශක්තිමත් කිරීමට පෙළ ගැසෙමින් කටයුතු කරයි .
අවම පහසුකම් සහිත වුවත් පියවරෙන් පියවර පාසලේ භෞතික සංවර්ධනය කර ගනිමින් දරුවන්ගේ  අනාගතය  නගමින් විසි එක් වන සියවසට අවැසි දරු  පරපුරක් රටට දායා ද කිරීම සඳහා පාසලේ දැක්ම හා මෙහෙවර සමඟ ඉදිරියට යාම අප සැමගේ  ඒකායන අරමුණයි.ඒ සඳහා අප සමග අත්වැල් බැඳ ගෙන කටයුතු කිරීමට සැමට ඇරයුම් කරමින් උඩවෙලා රේවත පාසල් මාතාවට සෑම විට ම ජයග්‍රහණයම ප්‍රාර්ථනා කරමි.
            
      

M.P.R.මුතුගල
විදුහල්පති
කුලි/උඩවෙල රේවත ම.ම.වි.